ඔහු ඔහුද ? ඇයද ?

                           ඔහු ඔහුද ? ඇයද ?





මම උදාරක මිහිශාන්.ඒ තම මට මගෙ දෙමාපියන් දුන්න නම.ලමයි 4ක් හිටපු පවුලක දෙවෙනිය.ඔයාල වගේම කොල්ලෙක් විදියට ඉපදුන කෙනෙක්.
මම පොඩි කාලෙ ඉදන්ම පැත්තකට වෙලා තනියම හිටපු චරිතයක් .ඒ උනාට ඉගන ගන්නනම් පුළුවන් .මගෙ අම්මල ලොකුවට සල්ලි තිබ්බ අය නෙමේ.මටයි මගෙ අනිත් සහෝදර සහෝදරියන්ටයි ගොඩක් මහන්සි වෙලා ඉගැන්නුව .මාත් හොදට ඉගන ගත්ත වෙන දේවල් මුකුත් කරන්නෙ නැතුව.
ඒත් ඒ උනන්දුව තිබ්බෙ සාමාන්‍ය පෙල කරන අවුරුද්දේ මැදක් වෙනකන්  විතරයි .සාමාන්‍ය පෙල කරන කාලෙ මට බාල කෙල්ලෙක් ගැන ආදරයක් ඇති උනා.මම එතකොට ස්කූල් එකේ HP වෙලා හිටියෙ.කොහොම හරි ඒ කෙල යාලු කර ගන්න මග්‍ර් පන්තියේ කෙල්ලො දෙන්නෙක්ට කියල උදව් ගත්ත .
අන්තිමට ඒ කෙල්ල යාලු උනා මාත් එක්ක.එහෙම සතියක්  විතර ගියා.මගෙ සම්බන්දෙ නිසා මම කොල්ලෙක් එක්ක වලියක් දා ගත්ත.කොහොම හරි ඒ ගැන  ස්කූල් එකට මාට්ටු උනා.ඊට පස්සෙ තමා ඇත්ත දැන ගත්තෙ.ඇත්තටම ඒ කෙල්ල මාත් එක්ක යාලු වෙලා ඉදල නෑ.මම උදව් ගත්ත කෙල්ලො දෙන්ම බොරු කියක තියෙන්නෙ.මම අර කෙල්ලට දුන්න හැම ගිෆ්ට් එකක්ම උන් අරගෙන තිබ්බෙ මට බොරු කියල .
අන්තිමට උන්ව එපා උනා.ස්කූල් දැනගෙන ලොකු ප්‍රශ්නයක් උනා.කොහොම හරි යන්තම් ස්කූල් එකෙන් ශේප් උන නිසා ප්‍රශ්නෙ ඉවර වෙලා යන්තම් මගෙ ශිෂ්‍ය නායක කම බේරුනා.
අන්තිමට ඔක්කොම අමතක කරල මම විභාගය ලිව්ව.මුලින් A9 බලන් හිටියට වෙච්චි ප්‍රස්න නිසා මානසිකව වැටිල හිටියෙ.ඒ නිසා මට යන්තම් B1 C5 ක් එක්ක විභාගය පාස් වෙන්න පුළුවන් උනේ.
කොහොම හරි හිත හදන් මම උසස් පෙල කරන්න ගත්ත කොමස් වලින්.උසස් පෙල කලාට පන්තියකට යන්න සල්ලි නැති නිසා පන්ති ගියෙ නෑ.ඒ නිසා විභාගය ගැන බලාපොරොත්තු අතෑරල හිටියෙ.ඒ නිසා ස්කූල් එකේ පිස්සු නට නට හිටිය.ඒ කාලෙ තව කොල්ලො සෙට් එකක් සෙට් උනා පන්තියෙ.ඒ නිසා පිස්සු කෙල කෙල හිටියෙ.
ඔහොම ඉද්දි තව කෙල්ලෙක් ගැන අදහසක් ආව.ඒ කෙල්ලගෙන් අහල අන්තිමට බැනුම් ඇහුව හොදටම පන්තිය ඉස්සරහ.
ඒකත් එහෙම ටික කාලෙකින් ශේප් උනා.ඔහොම කාලෙ යද්දී සාමාන්‍ය පෙල ප්‍රැක්ටිකල් ආපු කෙල්ලෙක් ගැන හිත ගියා.ඒ කෙල්ල පස්සෙන් යන්න ගත්ත කොල්ලො සෙට් එකත් එක්ක.එහෙම ඉද්දි ප්‍රැක්ටිකල් ඉවර වෙල ඒ කෙල්ල එන එක නතර උනා.ආයෙ ඒ කෙල්ල දකින්න වෙන්න නෑ කියල හිතන් මාසයක් විතර ගියා.
මාසෙකින් විතර උසස් පෙල කරන්න අලුත් කෙල්ලො කොල්ලො ආව.එතකොට තමා ආයෙම අර කෙල්ලව දැක්කෙ.කොහොම හරි ඒ කෙල්ල අපේ ස්කූල් එකට ආව.ආපු දවසෙ ඉදන් ආයෙම ඒ කෙල්ල පස්සෙම් ගියා.මාස 6කට වඩා පස්සෙන් ගියත් ඒ කෙල්ලත් කැමති උනේ නෑ.ඔහොම කාලයක් යද්දී කොල්ලෙක්ගෙ උපන්දිනයක් ආව.ඒකට කොල්ලො ඔක්කොටම ඌගෙ ගෙදර පාටියක් ලෑස්ති කරල තිබ්බ.ඒ පටියට යනකොට කවදාවත් හිතුවෙ නෑ මගෙ ජීවිතේ වෙනස් කරන දවස එදා වෙයි කියල...එදා තමා මගෙ ජීවිතේ වෙනස් කරපු සිදුවීම උනේ..

මතු සම්බන්ධයි .....

Comments

Popular posts from this blog